දකුණු අප්‍රිකානු සංචාරයට ගිය ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් 07 දෙනෙක් ආබාධ වලට ලක්වෙයි

January 1, 2021 at 8:51 PM

දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් 07 දෙනෙකු විවිධත් ආබාධ වලට ලක්වී ඇති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කර සිටිනවා.

දකුණු අප්‍රිකාව සමග දෙවන ටෙස්ට් තරගය ලබන ඉරිදා ජොහැනස්බර්ග් හිදී ක්‍රීඩා කිරිමට නියමිතව ඇත.

දිනේෂ් චන්දිමාල්, ධනංජය සිල්වා, ලහිරු කුමාර, කසුන් රාජිත, සුරංග ලක්මාල්, ඔෂද ප්‍රනාන්දු යන ක්‍රීඩකයින්ට දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා නොහැකිවනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ආබාධයකට ලක්වූ වනිදු හසරංග අනිද්දා තරගයට ක්‍රීඩා කිරීමේ අවසන් තීරණය හෙට දිනයේදී ගැනීමට නියමිතව ඇත.

මේ අතර ලහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, අසිතා ප්‍රනාන්දු සහ මිනෝද් භානුක දෙවන ටෙස්ට් තරගට කැඳවීමට නියමිතව ඇත.