ADSTUDIO.CLOUD විපර්යාස වෙනසක් ඇති කරමින් ‘ශ්‍රී ලංකාවේ වැඩසටහන්කරණ ප්‍රචාරණ සමාගම’ ලෙස ජාතිය සවිබල ගන්වයි.

December 30, 2020 at 9:48 PM

වසංගතයක් හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු මුලු මහත් ලෝකය පුරා ව්‍යාපාර බිඳ වැටී තිබුණ ද, ඩිජිටල් වෙළඳ දැන්වීම්කරණය සහ අන්තර්ජාල අලෙවිකරණය මත යැපීමේ ප්‍රවණතාව වේගයෙන් වර්ධනය වෙමින් සීමාවන් බිඳ දමමින් සිටී. එසේම, විදේශීය ඩිජිටල් ක්‍රියාකරුවන් ලියාපදිංචි කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති පියවර බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩිවෙමින් පවතින අන්‍යෝන්‍ය අවධානය හේතුවෙන්, මෙම තීරණය ගෝලීය ඩිජිටල් අවකාශයන්ගෙන් පරිශීලක තොරතුරු හා ව්‍යාපාර දත්ත ආක්‍රමණය කිරීම් වලින් මෙන්ම විනාශකාරී අලෙවිකරණය කටයුතු ද වළක්වාලීමට උපකාරී වේ.මෙය මධ්‍ය පරිමාණයේ දේශීය සමාගම් කෙරෙහි ඇති අහිතකර බලපෑම වළක්වන අතරම මෙම ඩිජිටල් අවකාශයන් හරහා විශාල මුදල් ප්‍රමාණයක් රටින් පිටවීම වැළැක්වීමෙන් ශ්‍රී ලංකා ආර්ථිකය ද ආරක්ෂා කරයි.

මීට අමතරව Apple සහ Facebook අතර මෑතකදී ඇති වූ ගැටලුකාරී බව මෙම අර්බුධය තවදුරටත් තහවුරු කර තිබේ. Facebook විසින් Apple සමාගමේ නව iOS 14 රහස්‍යතා ප්‍රතිපත්තියට දෝෂාරෝපණය කරමින් කියා සිටින්නේ ඔවුන් ව්‍යාපාරවලට පුද්ගලාරෝපිත දැන්වීම් ධාවනය කිරීමට සහ ඔවුන්ගේ ගණුදෙණුකරුවන් වෙත ඵලදායී ලෙස ළඟා වීමට ඇති හැකියාව සීමා කර ඇති බවයි.මීට ප්‍රතිචාර දක්වන Apple සමාගම කියා සිටින්නේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ඔවුන් පිළිබඳ රැස්කරගත් දත්ත සහ එය භාවිතා කරන ආකාරය අනුමත කළ යුතු වන බැවින් iOS 14 හි ‘යෙදුම් ලුහුබැඳීමේ විනිවිදභාවය’ (App Tracking Transparency) සඳහා පළමුව අවසර අවශ්‍ය වන බවයි.මෙය සමාජ මාධ්‍ය දැවැන්තයින්ගේ ව්‍යාපාර වලට අවහිරතාවක් විය හැකි අතර, වැඩසටහන්කරණ වෙළඳ ප්‍රචාරණය (Programmatic Advertising) මෙම ගෝලීය ගැටලුව සඳහා විසඳුමක් ලෙස සැලකිය හැකියි.

මීට අදාලව ලන්ඩනයේ පැවති පර්යේෂණ සමීක්ෂණයකදී, ඊට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් Programmatic Advertising පිළිබඳව සිය කැමැත්ත පලකලේ එය පුද්ගලාරෝපණය(personalization) වැඩි දියුණු කරන සහ පාරිභෝගිකයාට සමස්ත වෙළඳ ආරම්භයේ නාම අත්දැකීම් වැඩිදියුණු කරන්නක් ලෙස හඳුන්වා දෙමින්.අලෙවිකරුවන් විසින් පළමුවෙන්ම අනුමත අවධානය(consent concern) වෙත වැඩි සැලකිල්ලක් යොමු කරන අවස්ථාවලදී මෙම අත්දැකීම තවදුරටත් ඉහළ නංවනු ඇත.සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් කැමැත්ත ලබා ගැනීම ප්‍රමුඛතාවයක් බවට පත් කිරීමෙන්, පර්යේෂණයන් පෙන්වා දෙන්නේ එක්සත් රාජධානියේ පාරිභෝගිකයින් සිව් දෙනෙකුගෙන් තිදෙනෙකුම විනිවිදභාවය අගය කරන අතර බොහෝ විට ඔවුන්ගේ එකඟතාව ලබා දීමට ද කැමැත්තෙන් සිටින බවයි.

ඊට අමතරව, යාවත්කාලීන කරන ලද රහස්‍යතා රෙගුලාසි (updated privacy regulations) වලින් අදහස් වන්නේ තරඟකාරී හා අදාළ උසස් තත්ත්වයේ මෙන්ම සෘජුවම කේන්ද්‍රගත වූ දැන්වීම් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයි.එබැවින්, රහස්‍ය අවශ්‍යතා යාවත්කාලීන කරමින් දැන්වීම් ක්‍රමෝපාය තුළ වෙනසක් සහිත පෙරගමන්කරුවෙකු වීමට Programmatic Advertising සඳහා මෙය හොඳම කාලයයි.

ADSTUDIO.CLOUD හරහා ‘Programmatic Advertising’ ශ්‍රී ලංකා ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කරන අතර එය දේශීය ප්‍රකාශකයින්ට අමතර දැන්වීම් ආදායමක් ද උපයා දෙන්නක්. ADSTUDIO.CLOUD ශ්‍රී ලංකාවේ ‘ප්‍රමිතිගත වැඩසටහන්කරණ වෙළඳ ප්‍රචාරණ පරිසර පද්ධතියක්’ සමඟ ගෝලීය ප්‍රමිතීන් අනුගමනය කරන පළමු වැඩසටහන්කරණ ප්‍රචාරණ වේදිකාව වන අතර එමඟින් ප්‍රකාශකයන්ට(publishers), දැන්වීම්කරුවන්ට, වෙළඳ නාමවලට සහ අනෙකුත් සෑම පරිශීලකයෙකුටම ස්මාර්ට් වෙළඳ දැන්වීම් මෙවලම්(smart advertising tools) හරහා තෝරාගත් නාලිකා වලින් උපරිම ආදායමක් ලබා ගැනීමට ද හැකියාව ලබාදෙයි.

ADSTUDIO.CLOUD හි විප්ලවීය සම්බන්ධතා ජාලය විවිධ වෙළඳ දැන්වීම්කරුවන්, 250කට අධික ප්‍රකාශකයින් (ප්‍රධාන ධාරාවේ, ප්‍රාදේශීය සහ නිකේතන ප්‍රකාශකයින් ඇතුළුව) මෙන්ම විවිධ කර්මාන්ත හරහා වෙළඳ නාම සම්බන්ධ කරයි.අද වන විට ADSTUDIO.CLOUD විසින් බැංකු, විදුලි සංදේශ, අධ්‍යාපන, FMCG, සිල්ලර හා පාරිභෝගික ඉලෙක්ට්‍රොනික්, ඩිජිටල් මාධ්‍ය සහ වෙළඳ ප්‍රචාරණ ආයතනවලට සිය සේවාව ලබාදෙමින් දේශීය ප්‍රකාශකයින්ට ශ්‍රී ලංකා රුපියල් මිලියන 28 කට අධික මුදලක් ගෙවා ඇත. ADSTUDIO.CLOUD හි තවත් සුවිශේෂී පියවරක් වන්නේ, Programmatic Advertising සහ ඊට අදාළ විෂය පථය පිළිබඳ දැනුම බෙදා ගැනීමේ සැසි මාලාවක් ලෙස 2020 සැප්තැම්බරයේ Matt Prohaskaගේ (ඇමරිකා එක්සත් ජනපදයේ) නියෝජනයෙන් ශ්‍රී ලංකාවේ දී පවත්වන ලද ‘Programmatic Colombo Program’ නම් වූ මේ ආකාරයේ පළමු වැඩසටහනයි.

2019 වසරේ දී ආරම්භ කරන ලද ADSTUDIO.CLOUD සමාගම ඩිජිටල්කරණ විසඳුම් සහ ‘කෘතිම බුද්ධිය’ සහිත දත්ත පදනම් කරගත් පිවිසුම් හරහා වැඩසටහන්කරණ වෙළඳ දැන්වීම්කරණයේ නිරත ඇඩ්ටෙක් සමාගමකි. එමඟින්, ආරම්භයේ සිට අවසානය දක්වා වූ විසඳුම් මඟින් ඉහළ ප්‍රතිලාභ ලබා දෙන ප්‍රචාරණ වැඩසටහන් හරහා වඩා ඉහළ ඉපැයීමක් නියම වේලාවට නිවැරදි ප්‍රේක්ෂකයින් ඉලක්ක කර ගනිමින් (දෙවන හා තෙවන ස්ථර හරහා පවා) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ප්‍රතිලාභ ලබා දීමට ප්‍රකාශකයින්ට බලය ලබා දී ඇත. භාෂා තුනෙන්ම එහි දේශීය ප්‍රකාශකයින් සඳහා බිලියනයකට අධික සංකල්පනාවන් සාර්ථකව ජනනය කර තිබීම ADSTUDIO.CLOUD හි ඉහළ ප්‍රතිඵල මත පදනම් වූ වෙළඳ දැන්වීම් සඳහා සාක්ෂියකි.ADSTUDIO.CLOUD සමාගම, කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස අනාගත පරිවර්තනයක් සඳහා, ප්‍රකාශකයින්ගේ ඩිජිටල් ඉපැයීම් උපරිම කිරීමටත්, වෙළඳ නාම ඉලක්කගත වෙළඳපල සමඟ සම්බන්ධ කිරීමටත් ඉහළ දැන්වීම් ප්‍රචාරණ ව්‍යාපාරයක් විශ්වාසයෙන් යුතුව දියත් කිරීමට දැන්වීම්කරුවන්ට හැකියාව ලබා දීමටත් උත්ප්‍රේරකයක් ලෙස අඛණ්ඩව කටයුතු කරනු ඇත.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න, www.adstudio.cloud