ඔස්ට්‍රේලියාව හමුවේ ඉන්දියාව ලකුණු 36 කට දැවී යයි (VIDEO)

December 19, 2020 at 11:28 AM

ටෙස්ට් තරගයකදී ඉන්දිය කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව අද වාර්තා වුවා. ඒ ඕස්ට්‍රේලියාව සමග ඇඩිලේඩ් හිදී පැවැත්වෙන තරගයේදී.

ඉන්දියානු කණ්ඩායමේ අවසන් පිතිකරු ලෙස ක්‍රීඩා කරමින් සිටි මොහමඩ් සාමී, පැට් කමින්ස් ගේ පන්දුවක් ඇගේ වැදීමෙන් පිටියෙන් ඉවත්වන විට ඉන්දීය ලකුණු පුවරුව දිස් වුයේ ලකුණු 36ක් ලෙසයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉණිම අවසන් වූ අතර මේ දක්වා ඔවුන් ටෙස්ට් තරගයකදී වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස එය වාර්තා පොත් අතරට එක්වූවා.

පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු වේග පන්දු ක්‍රීඩක ජෝෂ් හේසල්වුඩ් පන්දු ඕවර 5ක් යවා ලකුණු 08 කට කඩුලු 05ක් දවා ගනු ලැබුවා. පැට් කමින්ස් ලකුණු 21 කට කඩුලු 04 ක් දවා ගනිමින් එක් ඉන්දීය පිතිකරුවෙකුට හෝ ලකුණු 10 සීමාව පසු කිරිමට ඉඩ අවකාශ ලබා නොදෙනු ලැබුවා.

දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අවශ්‍යව ඇත්තේ ලකුණු 90ක් පමණයි.

මිට පෙර ඉන්දියාව ටෙස්ට් තරගයකදී වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස සැලකෙන්නේ 1974 වර්ෂයේ එංගලන්තය සමග පැවති තරගයේ දී වාර්තා කළ ලකුණු 42යි.

(තරගයේ විශේෂ අවස්ථා පහතින්)

https://www.cricket.com.au/news/india-all-out-36-collapse-hazlewood-cummins-australia-day-three-adelaide-oval/2020-12-19