මිනුවන්ගොඩ පොකුර හැදුණේ සීදූවේ සිටි යුක්රේන ජාතිකයන්ගෙන් – ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියයි

December 8, 2020 at 8:49 AM

ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ ඉතා වැදගත් පුවතක් ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවෙන් අසන්නට ලැබුණා. , වර්තමාන කොවිඩ් රැල්ල, යුක්‍රේන ගුවන්කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් නිරෝධායනයටලක්කර සිටි සීදූව රමාඩා හෝටලයේ සේවකයින් සමග බ්‍රැන්ඩික්ස් සේවිකාවන් අතර පැවැති සබඳතාවක් හේතුවෙන් හටගත් බවයි.

සීදුව හෝටලයක නැවතී සිටි යුක්‍රේන ජාතික ගුවන් කාර්යමණ්ඩලසාමාජිකයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබූ බවත්, ඒ මාර්ගයෙන් එම හෝටලයේ සේවකයන් කිහිපදෙනෙකුට මෙම රෝගය ඇති බවට සොයාගත් බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටියා. එම සීදූව හෝටලයේ කාර්යමණ්ඩලය සහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්යමණ්ඩලය අතර පැවති යම් සබඳතා මගින් මෙම  වයිරසය මිනුවගොඩට බවට විශ්වාස කළ හැකි බවයිඇය පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වුයේ.

ඊට හේතු වශයෙන් දැක්වුයේ ලංකාවට  දැනට දක්නට ලැබෙන වයිරස ප්රභේදය වඩා සමීප වන්නේ යුරෝපීය ප්‍රභේදයට බව ජයවර්ධනපුර සරසවියෙන් කළ පර්යේෂණ මගින් සනාථ වී තිබීමයි.

ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ පිලිබඳව අදහස් දැක්වූ අතර, ඉන්දියාවේ විශාකාපට්ටනම් වල සේවයකළ ලාංකිකයන් 300කට අධික පිරිසක් බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් අවස්ථා 03 කදී ලංකාවට ගෙන බවත්, ඔවුන්ගෙන් කොවිඩ්-19 වැළඳී තිබුණේ 10 දෙනෙකුට පමණක් බවත්, එම 10 දෙනා නැවත කිසිවිටෙකත්කම්හල්වල සේවයට අනුයුක්ත කර නැති බවත් මහතා පවසා සිටියා. අනුව ලංකාවේ කොවිඩ් රැල්ල ආරම්භ වන්නේ ඉන්දියාවෙන් නොව යුක්‍රේනයෙන් බවත්, , සීදූව රමාඩා හෝටල් කාර්යමණ්ඩලය සහ මිනුවන්ගොඩ  බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සේවිකාවන් අතර සබඳතා මගින් බව අද පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස් වලින් පෙනී යන ලද්දේ.

(සටහන – එරන්ද වනිගසේකර විසින්)