2021 ඔලිම්පික් තරගාවලිය සඳහා පළමු පියවර තැබුවා – ස්පාඤ්ඤයේ මැරතන් තරගයකදී හොඳම කාලය වාර්තා කළ හිරුණි කියයි

December 6, 2020 at 7:03 PM

ස්පාඤ්ඤයේ පැවති වැලන්සියා මැරතන් තරගය පැය 2 යි විනාඩි 36 යි තත්පර 16 කින් නිමා කරමින් මෙරට මළල ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වක දෙවන හොදම කාලය වාර්තා කිරිමට හිරුණි විජේරත්න සමත්ව තිබෙනවා.

ඇයගේ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද සිය ට්විටර් ගිණුම ඔස්සේ සුභ පැතුම් එක් කොට තිබුණා.

2021 වසරේ ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීමේ පලමු අදියර තමන් ආරම්භ කළ බවයි හිරුණි විජේරත්න සඳහන් කර සිටින්නේ.