මහනුවර පාසැල් 45ක් වසා දැමේ

November 25, 2020 at 4:25 PM

මහනුවර නගර සීමාවේ සියලුම පාසැල් දෙසැම්බර් මස 04 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ ප්‍රකාශ කර සිටිනවා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් දරුවන් පාසැල් එවීම සුදුසු නොවන බවට දිගින් දිගටම දෙමව්පියන්, පාසැල් කමිටු විසින් සිදුකළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව මහනුවර නගර සිමාවේ පාසැල් 45ක් අද සිට වසා තැබීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා උපදෙස් ලබාදී තිබෙනවා.