හිටපු CID අධ්‍යක්ෂක ශානිට කොවිඩ් ආසාදනය වෙයි

November 25, 2020 at 11:13 AM

බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඔහුට වෛරසය වැළඳී ඇති බවයි වාර්තා වන්නේ.

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත ශානි අබේසේකර පසුගියදා අත්අඩංගුවටගත් අතර ඒ සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.