සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වෙයි

November 25, 2020 at 10:16 PM

ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන 1986 පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට දිනා දුන් ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. නිවසේ සිටියදී ඇතිවූ හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මිය යන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවූවා.