රිෂාඩ් බදුර්දින්ට ඇප

November 25, 2020 at 1:39 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් හට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර තිබෙනවා.

මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ මිලියනයක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි කොටුව මහේස්ත්‍රාත්තුමා නියෝග කර ඇත්තේ.

ඉකුත් ජනාධිපතිවරණයේදී අවතැන් වූ ජනතාව ජන්දය දැමීම සඳහා ලංගම බස් රථ වලින් ජන්ද පොළවල් කරා රැගෙන යාම සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කිරිමේ චෝදනාවට රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.