මුරලිගේ චිත්‍රපටයට මටත් කතා කළා – දර්ශන් ධර්මරාජ්‍ (VIDEO)

November 7, 2020 at 7:42 PM

මුත්තයියා මුරලිදරන් යනු ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරය තුළ බැබළවූ අපේ ක්‍රිකට් සන්නාමයයි.මුරලිගේ ජීවිත කතාව අළලා නිෂ්පාදනය කරන්නට යෙදුණු “800” නම් දකුණු ඉන්දීය සිනමා පටය, එරටින් නැඟුණු දැඩි විරෝධතා හේතුවෙන් මේ වන විට එහි නිෂ්පාදන කටයුතු නවතා තිබේ.

විරෝධතාකරුවන්ගේ ප්‍රධානතම පීඩනය එල්ලවී ඇත්තේ මුරලිගේ චරිතය නිරූපණය කිරීමට නියමිතව සිටි, ජනප්‍රිය දකුණු ඉන්දීය නළු විජේ සේදුපති වෙතටය. එම සිනමාපටයේ මුරලිගේ පුහුණුකරුවෙකුගේ චරිතයක් සඳහා අපේ සම්මානනීය රංගන ශිල්පියෙකු වන දර්ශන් ධර්මරාජ් ටද ආරාධනා ලැබී තිබිණි.

මේ ඒ පිළිබඳව සහ දේශීය කලාවේ දමිළ ප්‍රේක්ෂකාගාරය ගැන ඔහු සමඟ SL Articles යූ ටියුබ් නාලිකාව සිදුකළ සම්මුඛ සාකච්ඡාවකි.