වොට්සන් ක්‍රිකට් පිටියට සමුදෙයි (VIDEO)

November 3, 2020 at 5:04 PM

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දක්ෂතම පිතිකරුවෙකු වන ෂේන් වොට්සන් සිය ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා.

39 හැවිරිදි දකුණත් පිතිකරු වීඩියෝවක් මුදාහරිමින් කියා සිටින්නේ තමන් ගේ ක්‍රීඩා දිවියට සමුදීමට සුදුසු කාලය මේ වන විට එළඹ ඇති බවයි.

ලෝක කුසලාන දෙකක් සහ ICC චැම්පියන් කුසලාන දෙකක් ජයග්‍රහණය කළ අවස්ථාවන් වලදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ ෂේන් වොට්සන් එය තමන්ගේ ක්‍රීඩා දිවියේ සිහිනයක් බවද ඔහු කියා සිටියා.