කොරෝනා රෝග ලක්ෂණ පෙන්නු මව රෝහලට : විශේෂ අවශ්‍යතා ඇති දරුවා කම්පනයට සියදිවි නසා ගනියි

October 31, 2020 at 9:49 PM

කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම හේතුවෙන් මහජන සෞඛය පරීක්ෂකවරුන් විසින් කළුබෝවිල රෝහලට ඇතුලත් කළ හෝමාගම, දොලහේන හරිත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ විශේෂ අවශ්‍යතා ඇති 25 හැවිරිදි දරුවා ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.

මෙම කාන්තාව මහරගම ප්‍රදේශයේ පිහිටි මාළු වෙළෙදසැලකින් මාළු මිලදී ගෙන ඇත. එම වෙළෙදසැලේ සේවය කරනු ලබන සේවකයින් කිහිපදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරුවී තිබෙනවා.

මෙලෙස නිවසට වී සිටියදී කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම නිසා එම කාන්තාව ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කළුබෝවිල රෝහලට ඊයේ දිනයේදී ඇතුලත් කොට ඇත.

සිය මව රෝහල් ගත කිරිමට රැගෙන යාම නිසා සිත්තැවුලට පත් වූ මෙම විශේෂ අවශ්‍යතා සහිත දරුවා ගෙල වැළලාගෙන මියගොස් සිටියදී අද උදෑසන ප්‍රදේශවාසින් විසින් දැක පසුව පොලිසිය දැනුවත් කොට ඇත.

මෙම විශේෂ අවශ්‍යතා සහිත දරුවා ද ඔහුගේ මව සමග රෝහලට රැගෙන ගියා නම් මෙවැනි සෝචනීය සිදුවීමක් සිදුනොවන බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර සිටින්නේ.