ගමන් ගන්නා පොදු ප්‍රවාහන සේවා ගැන අවධානයෙන් ඉන්න. ඒවායේ අංක සටහන් කර තබා ගන්න. පොලීසිය ජනතාවට කියයි

October 27, 2020 at 4:32 PM

තමන් ගමන් ගන්නා පොදුප්‍රවාහන සේවා බස් වල අංක සටහන් කර තබාගන්නැයි ජනතාවට පණිවුඩයක් ලබා දෙන බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසයි.

පෑලියගොඩ කොවිඩ් ආසාදිතයින් පොදු ප්‍රවාහන සේවා රැසක ගමන් කර ඇතිබවට තොරතුරු  ලැබීඇති බවයි ඔහු පවසන්නේ .

මගීන් ගේ පහසුව සඳහා එම අංකය ස්ථාන කිහිපයක පැහැදිලිව දක්වන ලෙස බස් හිමිකරුවන්ටද දන්වා සිටිනවා.

මේ අතර නිරෝධායනය කල  ස්තාන වල තවත් පත්‍රිකාවක් ඇලවීමටද පියවර ගැනෙනු ඇති.  එම ස්ථනයට කිසිවෙකු පැමිනීම හා පිටවීම තහනම් කිරීමට අදාළ නීති දැඩිව ක්‍රියාත්මක කෙරේ.