කොරෝනා ව්‍යාප්තිය සහ බ්‍රැන්ඩික්ස් සමාගමේ සම්බන්ධය ගැන සොයා බලන්න : නීතිපති වැඩබලන පොලිස්පතිට නියම කරයි

October 27, 2020 at 4:31 PM

මෙරට ඇතිවී තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් සමාගමේ ඇති සම්බන්ධය ගැන විමර්ශනය කොට සති දෙකක් ඇතුලත තමන් වෙත වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා විසින් වැඩබලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න වෙත නියම කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කර සිටියා.