ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල වෙළෙදසැල් විවෘතව තබන දිනයන් සහ වේලාවන්

October 27, 2020 at 7:29 PM

ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ අළෙවි කිරීමේ වෙළෙද සැල් විවෘතව තබන දිනයන් සහ වේලාවන් සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ දැනුම් දීමක් සිදුකර සිටිනවා.

ඒ අනුව කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කයන් සඳහා සඳුදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා වෙළෙඳසැල් විවෘතව තබනු ඇති.

එමෙන්ම කුරුණෑගල සහ කොළඹ දිස්ත්‍රික්කවල නිරෝධායන ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශවලට අදාලව අඟහරුවාදා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හැකි බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.