මිනුවන්ගොඩ පොකුරේ 186ක් සුවය ලබා නිවෙස් වෙත යයි

October 22, 2020 at 7:22 AM

මිනුවන්ගොඩ පොකුරට ආශ්‍රිතව වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 186 දෙනෙකු මේ වන විට වෛරසයෙන් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ පළමු රෝගියා වාර්තා වී දින 21ක් ගතවීමට පෙර මෙලෙස වෛරස ආසාදිතයින් සුවය ලැබිම සතුටට කරුණක් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.