මන්ත්‍රී රිෂාඩ් සහ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට රැගෙන එයි

October 22, 2020 at 11:27 AM

බන්ධනාගාර ගත කොට සිටින ප්‍රේමලාල් ජයසේකර සහ රිෂාඩ් බදුර්දීන් යන මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තුව වෙත රැගෙන විත් තිබෙනවා. ඒ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව අද පැවැත්වෙන ජන්ද විමසීම සඳහා සහභාගී වීම සඳහායි.

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව වෙත කැඳවා ගෙන ඒමට කටයුතු කරන ලෙස ඊයේ දිනයේදී කථානායකවරයාගේ උපදෙස් මත වේත්‍රධාරිවරයා විසින් බන්ධනාගාර මුලස්ථානයෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.