පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ තත්ත්වය විශ්ලේෂණය කොට ඉදිරි ක්‍රියා මාර්ග ගන්නවා – යුද හමුදාපති

October 22, 2020 at 8:16 AM

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ ඊයේ දිනයේදී සිදුකළ PCR පරීක්ෂණ වල ප්‍රථිපල අනුව ඒ හරහා යම් රෝගීන් වාර්තා වීමක් සිදුවුවහොත් එම මත්ස්‍ය සංකීර්ණය අවට ප්‍රදේශ වලට නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමට සිදුවෙනු ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

කොරෝනා වෛරසය ආසාදිතයින් 49ක් පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ සිදුකළ PCR පරීක්ෂණ වලින් අනාවරණය වීමෙන් පසුව ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විශ්ලේෂණය කරමින් ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මාළු ව්‍යපාරයේ යෙදී සිටි වෙළෙඳුන් කිහිප දෙනෙකු මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවට තහවුරු වීමත් සහ ඔවුන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය ආශ්‍රිතව අහඹු PCR පරීක්ෂණ සිදුකළ බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.