ඇඳිරිනීතිය තිබුණත් ගම්පහ හරහා වාහන ධාවනයට අවසර.

October 21, 2020 at 3:59 PM

අද රාත්‍රී 10 සිට ලබන සඳුදා අළුයම තෙක් ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැණවූවද එම දිස්ත්‍රික්කය  හරහා  වාහන ධාවනයට අවසර තිබේ.

නමුත් ඒවා ගම්පහ දිස්ත්‍රික්ක සීමාව තුළ නැවැත්වීම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අත්‍යවශ්‍ය සේවා සඳහා යන පුද්ගලයින්ට සිය සේවා හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකිය.

ඇඳිරිනීතිය පවතින හා දැඩි අවදානම් ප්‍රදේශ වල සිටින සේවකයින් සේවා ස්ථාන වෙත නොකැඳවන ලෙසත් එහිදී පොදුවේ ඉල්ලීමක් කෙරිණ .