800 නිසා සේදුපතිගේ දියණියටත් තර්ජන : දුෂණය කරන බවට ට්විටර් සටහනක් තබයි

October 21, 2020 at 7:56 AM

ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ චරිතය නිරූපණය​ කෙරෙන 800 චිත්‍රපටයෙන් ඉවත්වීමට තීරණය කිරීමෙන් පසුවද දකුණු ඉන්දීය නළු විජේ සේදුපති ගේ කුඩා දියණිය දූෂණය කරන බවට තර්ජන එල්ල වී තිබෙන බව NDTV පුවත් සේවය වාර්තා කර සිටිනවා.

එල්ලවුණු බරපතළ චෝදනා හේතුවෙන් 800 චිත්‍රපටයෙන් ඉවත් වන බව පෙරේදා (19 ) මාධ්‍ය හමුවක් කැඳවමින් විජේ සේදුපති නිවේදනය කරනු ලැබුවා. එම තීරණය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් යම් පුද්ගලයකු මෙලෙස විජේ සේදුපතිගේ දියණිය දූෂණය කරන බවට තර්ජනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ. කෙසේ වෙතත් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත