මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකුට කොරෝනා

October 21, 2020 at 2:46 PM

මීගොඩ ආර්ථික වෙළෙද මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කොවිඩ් – 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

මිගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි V-22 නම් වෙළෙඳ සැලේ හිමිකරුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ.

මේ අතර කොට්ටාව ප්‍රදේශයේ පිහිටි මසුන් අළෙවි කිරීමේ වෙළෙද සැලක සේවකයින් සිව්දෙනෙකු හට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටිනවා.

එම මාළු අලෙවි කිරිමේ වෙළෙද සැලට පසුගිය දිනවල මුඛ ආවරණ නොපැලද පැමිණි පුද්ගලයින් වේ නම් ඔවුන්ට සැලකිලිමත්ව සිටින ලෙස ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කර සිටිනවා.