මැනිං වෙළෙඳපොළ හෙට සිට තාවකාලික වසා දැමේ

October 21, 2020 at 6:50 PM

කොළඹ කොටුවේ පිහිටි මැනිං වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. පොලීසියේ උපදෙස් මත හෙට (22) උදෑසන 10.00 සිට එළඹෙන සඳුදා අලුයම 5.00 දක්වා මෙලෙස මැනිං වෙළෙඳපොළ වසා දැමීමට තීරණය කර ඇති බව මැනිං වෙළෙඳපොළ වෙළෙඳ සංගමය පවසන්නේ.