කොරෝනා රෝගීන් 57ක් වාර්තා වෙයි

October 21, 2020 at 9:58 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 57 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් එක් අයෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 56 දෙනා ආශ්‍රිතයින් වනවා.

අද දිනයේ දී රාත්‍රී 9.30 වන විට වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 166ක් වන අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 2510 ක් වනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5977ක් වන අතර ඉන් සම්පුර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 3501ක් වනවා.

මේ වන විට රෝහල් තුළ ප්‍රතිකාර ලබන සමස්ත රෝගීන් සංඛ්‍යාව 2463ක් වනවා.