කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක් හුදෙකලා කරයි

October 21, 2020 at 8:27 PM

වහාම ක්‍රියාත්මක වෙන පරිදි කළුතර දිස්ත්‍රික්කයට අයත් අගලවත්ත සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වල පිහිටි ග්‍රාම නිලධාරී වසම් කීපයක් හුදකලා කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ඒ අනුව අගලවත්ත ප්‍රදේශයට අයත් ගොරකගොඩ, බෙරගම, අගලවත්ත, දාපිලිගොඩ, කැකුලන්ද උතුර යන ග්‍රාම නිලධාරි වසම් මෙලෙස හුදෙකලා කොට ඇත.

ඊට අමතරව පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෙල්ලන ග්‍රාම නිලධාරි වසම ද හුදෙකලා කොට ඇත.