පානදුරෙන් කොරෝනා රෝගීන් 03ක් : සිනමන් රෙසිඩන්ස් හි දෙදෙනෙකුටත් කොරෝනා

October 21, 2020 at 1:32 PM

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වැල්ලවත්ත පෞද්ගලික බැංකු සේවකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ සිදුවීමත් සමග ඔහුගේ ආශ්‍රිතයෙකු බව කියන පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මේ අතර මිට දින කිහිපයකට පෙර මොරටුව ප්‍රදේශයේ නිවසක සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු සේවකයෙකුට ගේ පළමු ආශ්‍රිතයින් දෙදෙනෙකු හටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටින්නේ.

මේ අතර කොළඹ පිහිටි සිනමන් රෙසිඩන්ස් හි පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු හටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඊයේ දිනය වන විට ලැබී ඇති කොරෝනා ආසාදිත රෝගීන්ගේ තොරතුරු අනුව කටුනායක නිදහස් වෙළෙද කළාපයේ පිහිටි NEXT ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවන් 263 දෙනෙකුට හා Chiefway ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 65 දෙනෙකුට මේ වන විට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.