රිශාඩ් ට රැකවරණය දුන් හත් දෙනෙක් අත් අඩංගුවට

October 19, 2020 at 2:16 PM

හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන් ට රැකවරණය දුන් හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.

සැකකාරියන් දෙදෙනෙකු ද මෙම පිරිස අතර වේ.

ඔවුන් සමග මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

හිටපු අමාත්‍යවරයා ට රැකවරණය දුන් තවත් කිජිපදෙනෙකු ඉදිරියේදී අත් අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකය.