මිනුවන්ගොඩ පොකුරෙන් තවත් කොරෝනා රෝගීන් 47ක්

October 19, 2020 at 1:46 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 47 දෙනෙකු වාර්තා වී අති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මෙලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් සිව්දෙනෙකු නිරෝධායන් මධ්‍යස්ථාන වලින්ද සෙසු 43 දෙනා ආශ්‍රීතයින් වන බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ වන විට මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 2122ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.