නීතිපති CID එකට උපදෙස් දුන්න ගමන් නිව්ස් ඇලර්ට් එක එනවා : අවශ්‍ය මොහොත එනකම් රිෂාඩ් මන්ත්‍රීතුමා මේ විදිහට ඉන්නවා – පක්ෂයේ නියෝජ්‍ය නායකයා කියයි

October 18, 2020 at 11:54 PM

රිෂාඩ් බදුර්දීන් හිටපු ඇමතිවරයා තවත් ටික දවසක් මේ අයුරින් සිටිමෙන් පසුව අවශ්‍ය මොහොතේදී අධිකරණයේ හමුවේ පෙනී සිටිනු ඇති බව ඔහු නායකත්වය දරනු ලබන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය නායක නීතිඥ එන්.එම්. සහිඩ් ප්‍රකාශ කර සිටිනවා.

” මිට පෙර හිටපු අමාත්‍ය රවී කරුණානායක, බුවනෙකබාහු රාජ සභාව කැඩුව බවට චෝදනා කළ කුරුණෑගල නගරාධිපතිවරයාව අත්අඩංගුවට ගන්න කියලා නීතිපතිවරයාගේ උපදෙස් අනුව පොලිසිය අධිකරණයෙන් වරෙන්තු ගත්තා. නමුත් පසුව ඒ චෝදනා ලබපු අය අභියාචනාධිකරණයේ දී පෙත්සම් ගොනු කළා.

පසුව අභියාචනාධිකරණයෙන් පොලිසියට නියෝග කළා ඒ වරෙන්තු නිකුත් කරපු අය අත්අඩංගුවට ගන්න එපා කියලා. අපි හිතනවා රිෂාඩ් මන්ත්‍රීතුමාගේ සිදුවීමේදී මේකම වෙයි කියලා.

CID එකට අවශ්‍යනම් මේ ගැන තවත් කට උත්තරයක් ගන්න ඕන උනා නම් ඔවුන්ට රිෂාඩ් මන්ත්‍රී තුමාට එන්න කියලා ප්‍රකාශයක් අරගෙන ඒක අනුව ඔහු වැරැද්දක් කළා කියලා හිතෙනවනම් අධිකරණයට ඉදිරිපත් කරන්න තිබ්බා.

නීතිපතිවරයා CID එකට උපදෙස් දිලා ඒ අය නීතිපති දෙපාර්තමේන්තුවෙන් එලියට එන්න කලින් නිව්ස් ඇලර්ට් එකෙන් දුන්නා වැඩේ.

නිතිපතිවරයාගේ මේ වැරදි තීන්දු තීරණ නිසා ඇතිවී තිබෙන ප්‍රශ්නය ගැන අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළා. ඒක මේ 20 වෙනිදා සළකා බලනවා” යැයි නියෝජ්‍ය නායකවරයා කියා සිටියා.

පස්වැනි දිනටත් හමුනොවූ බදියුදීන්…

පස්වැනි දිනටත් හමුනොවූ බදියුදීන්…

Posted by Ada Derana Sinhala on Sunday, 18 October 2020