ලෙඩ හදාගන්නේ නැතුව ගෙදර ඉදන් තෝරල ගන්න www.lucky1.lk

October 9, 2020 at 7:06 PM

COVID-19 රෝග ව්යාප්තිය යළිත් ආරම්භ වී තිබෙනවා. මෙවර පසුගිය වාරයට වඩා වැඩි වේගයකින් රෝගීන් ගණන හා ඔවුන් ආශ්රිත රෝග ව්යාප්තිය ඉහළ යන බවයි පෙනෙන්නේ. නමුත් දැන් මේ තත්වය අපට මුළුමනින්ම ආගන්තුක නොමැති නිසා අපි වසංගතය අතරේ වුවත් අපේ එදිනෙදා කටයුතු සපුරා ගනිමින් ඉන්න ජනතාවක් බවට පත් වෙමින් සිටිනවා. රැකියාවට යෑම, ව්යාපාර කටයුතු, විභාග වැනි එළිපෙහෙලියට නොයාම බැරි දේ හැරුනාම දැන් අනෙක් ආහාර පාන, ඖෂධ ගෙන්වා ගැනීම හා බැංකු කටයුතු වැනි බොහෝ කටයුතු අන්තර්ජාලය ඔස්සේ සපුරා ගැනීම අප මේ ව්යසනය හමුවේ හුරු වෙමින් සිටිනා සෞක්යාරක්ෂිත වගේම කාලය ඉතිරි කරන නවතම වැඩපිළිවෙලයි.

ඉතින් බොහෝ දේ තාක්ෂණය ඔස්සේ ඔබේ නිවසටම ලබාගන්න පුළුවන් කාලයක තවත් ඔබ අවදානමක් ගන්නවද? අන්න ඒ නිසයි දිනපතා ලොතරැයි මිලදී ගන්න ඔබ වෙනුවෙන් වඩාත් සෞක්‍යාරක්ෂිතව, නිවසේ සිටම , ලොතරැයිපත් හෝ මුදල් අතපත ගෑමකින් තොරව ඒවා මිලදී ගත හැකි Lucky1 වෙබ් අඩවිය අප හඳුන්වා දෙන්නේ. මෙමගින් මඟතොට ඇවිදීමකින් තොරව ඔබේ ජංගම දුරකතනයටම දිනපතා ඔබට අවශ්ය ලොතරැයිපත් ගෙන්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. මේ ඔස්සේ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දිනපතා නිකුත් කරන වලංගු ලොතරැයිපත් වන ගොවිසෙත, මහජන සම්පත, වාසනා සම්පත, මෙගා පවර්, ධන නිධාන, සුපිරි වාසනා, ජාතික සම්පත, නීරෝගා හා සෙවණ ලොතරැයිපත් ඔබට ලබා ගත හැකියි.

ඕනෑම ජංගම දුරකථන ජාලයකින් ඔබේ ජාතික හැදුනුම්පත් අංකය සඳහන් කොට 989 වෙත SMS කිරීමෙන් Lucky1 සේවාව හා ලියාපදිංචිව ඔබේම ජංගම දුරකථනයෙන් ලොතරැයිපත් ලබා ගැනීමට දැන් ඔබට හැකියි. සේවාව හා ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔබ කල යුත්තේ ඔබට ලබා ගැනීමට අවශ්ය ලොතරැයිපතේ මුල් අකුරු හිස්තැනක් ඔබට අවශ්ය ලොතරයිපත් ගණන සඳහන් කර 989 වෙත SMS කිරීම පමණයි.

මෙමගින් ලොතරැයිපත් මිලදී ගැනීමේදී එක් ලොතරැයිපතක් සඳහා රු.25ක මුදලක් ඔබේ ජංගම දුරකථන ගිණුම් ශේෂයෙන් අය කරගනු ලබනවා. නමුත් ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලු දිනුම් ඇදීම් වාර වල ලොතරැයි දිනුම් ඇදීම් ප්‍රතිඵල ඔබේ ජංගම දුරකථනයට ලැබෙන්නේ නොමිලේ යි. ගෙදරම ඉදන් ආරක්‍ෂිතව ඔබට අවශ්ය ලොතරැයිපත් ලබා ගන්න, https://lucky1.lk/#/ වෙබ් අඩවියට පිවිසෙන්න.