මුල් පෙළේ E-commerce ඇප් Huawei AppGallery සමගින්

October 8, 2020 at 12:06 PM

අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු සේවා සපයා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව තුළ සීඝ්‍ර වර්ධනයක් හිමිකරගෙන තිබෙන E-commerce ඇප් රැසක්ම දැන් Huawei ස්මාට් දුරකතන තුළ ඇති Huawei AppGallery හා එක්ව ඇතැයි සඳහන් කරයි.

ඒ අනුව මෙරට ජනතාව වැඩි වශයෙන් පිවිසෙන ජනප්‍රියතම Online, E-commerce ඇප් වන Daraz.lk, Ikman.lk සහ Topjobs.lk යන ඇප් වෙත Huawei AppGallery හරහා පිවිසීමේ අවස්ථාව Huawei පාරිභෝගිකයන් හට අවස්ථාව උදා වී ඇත.

විශේෂයෙන්ම නව කොරෝනා වසංගත අවස්ථාවේදී පැන වූ ලොක්ඩවුන් සීමා හේතුවෙන් ජනතාව වැඩි වශයෙන් ඔන්ලයින් ක්‍රමයට අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමක් සඳහා යොමු විය. එහිදී ඒ සඳහා සහාය දෙන ඇප්ද ඉදිරිපත් විය. ඒ අනුව Huawei පාරිභෝගිකයන් වෙතත් එම කටයුතු වඩාත් පහසුවෙන් ඉටු කරගැනීම සඳහා අවශ්‍ය වන E-commerce ඇප් මෙලෙස Huawei AppGallery හා එක් කරගෙන තිබේ.

විශේෂයෙන්ම Privacy-by-design search engine තත්ව පාලන අනුගමනය කරමින් මෙම Huawei AppGallery වෙළෙඳපොළට හඳුන්වාදී තිබේ. එහිදී Huawei AppGallery වෙත ලොව පුරා ඇප් නිර්මාණකරුවන් මිලියනයකට අධික පිරිසක් අද වනවිට මිලියන 1.2කට වඩා වැඩි APP සංඛ්‍යාවක් එක් කර ඇත.

Huawei සමාගමේ  දත්ත අනුව අද වන විට රටවල් 170ක් පුරා සිටින පරිශීලකයන් මිලියන 390කට වඩා වැඩි පිරිසක් මෙම Huawei AppGallery භාවිතා කරයි. මේ කරුණු නිසා ලොව තෙවන විශාලතම APP වෙළෙඳපොළ බවටද ඉතා කෙටි කලකින් පත්වීමට Huawei AppGallery වෙත හැකියාව ලැබී තිබේ. අලුත්ම දත්ත අනුවද අද වන විට මෙම Huawei AppGallery ලොව මුල් පෙළේ ඇප් ගැලරි තුන අතර පවතී.

ශ්‍රී ලංකාව තුළද Huawei ස්මාට් දුරකතන පාරිභෝගිකයන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යාම මෙලෙස Huawei AppGallery සඳහා ශ්‍රී ලාංකික ඇප් වැඩි ප්‍රමාණයක් එකතු කිරීමට හේතුව වී ඇත.

මීට පෙර මෙරට ප්‍රධාන පෙළේ දුරකතන සේවා සම්පාදකයන්ගේ ඇප් වැඩසටහන් Huawei AppGallery වෙත එක් විය. එසේම Pickme මෙන්ම විධායකයන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු ඉහළ මට්ටමේ ව්‍යාපාරික පන්තියේ පිරිස් සඳහා වන ඇප්              Huawei AppGallery හා එක්ව තිබේ.

එසේම ඉදිරියේදීද සිය පාරිභෝගික ජනතාවගේ පහසුව සඳහා තවත් ඇප් රැසක්ම Huawei AppGallery වෙත එක් කිරීමටද සූදානමින් සිටින බවත් Huawei සමාගම සතුටින් දන්වා සිටියි.