Pick Me ඇප් එක දැන් Huawei App Gallery මගින්

September 30, 2020 at 4:46 PM

ලංකාවේ පාරිභෝගිකයන් අතර ඉහළ ආකර්ෂණයක් විශ්වාසයක් දිනා ගෙන ඇති Huawei ස්මාට් දුරකතන සඳහා හඳුන්වාදී ඇති Huawei App Gallery වෙත සිදු කළ අලුත්ම හඳුන්වාදීම ලෙස Pick Me ටැක්සි ඇප් එක හැඳින්විය හැකිය

Privacy-by-design search engine තත්ව පාලන අනුගමනය කරමින් වෙළෙඳපොළට හඳුන්වාදී ඇති මෙම Huawei App Gallery වෙත ලොව පුරා ඇප් නිර්මාණකරුවන් මිලියනයකට අධික පිරිසක් අද වනවිට මිලියන 1.2කට වඩා වැඩි APP සංඛ්‍යාවක් එක් කර තිබේ.

Huawei සමාගමේ  දත්ත අනුව අද වන විට රටවල් 170ක් පුරා සිටින පරිශීලකයන් මිලියන 390කට වඩා වැඩි පිරිසක් මෙම Huawei App Gallery භාවිතා කරයි. මේ කරුණු නිසා ලොව තෙවන විශාලතම APP වෙළෙඳපොළ බවටද ඉතා කෙටි කලකින් පත්වීමට Huawei App Gallery වෙත හැකියාව ලැබී තිබේ.

එසේම අලුත්ම දත්ත අනුවද අද වන විට මෙම Huawei App Gallery ලොව මුල් පෙළේ ඇප් ගැලරි තුන අතර පවතී.

ඒ අනුව මෙම APP වැඩසටහන් නිර්මාණය තවත් ඉදිරියට ගෙනයමින් Huawei සමාගම මෙරට ජනතාව අතර වඩාත් විශ්වාසනීය ටැක්සි ඇප් සේවාවක් බවට පත්ව ඇති Pick Me ඇප් එක සිය Huawei App Gallery වෙත එකතු කිරීමට කටයුතු යොදා ඇත.

අද වන විට ශ්‍රී ලංකාව තුළ පරිශීලකයන් ලක්ෂයකට වඩා වැඩි පිරිසකගේ දායකත්වය Huawei ස්මාට් දුරකතන සඳහා හිමිව තිබීම දේශීය ඇප් වැඩසටහන් රැසක්ම Huawei App Gallery වෙත එකතු වීමට හේතුවකි.

ඒ අනුව ආසන්න මාස කිහිපයේදී මෙරට බොහෝ ඇප් Huawei App Gallery සමගින් එක් වූ අතර, එහි ආසන්නතම අවස්ථාව වූයේ මෙරට දුරකතන සේවා සමාගම් APP සියල්ලම පාහේ Huawei App Gallery සමගින් එක් වීමයි.

ඒ අනුව Dialog සමාගමේ Mydialog, eZ Cash යන ඇප් වැඩසටහන් මෙන්ම Hutch සමාගමේ Hutch Selfcare සහ cliQ යන ඇප් වැඩසටහන්ද දැන් Huawei App Gallery සමගින් එක්ව තිබේ. එසේම Mobitel සමාගමේ Mobitel Selfcare, Mobitel mCash මෙන්ම Datamart ඇප් එකද දැන් එක්ව ඇත. මීට අමතරව SLT සමාගමේ PeoTVGO සහ MySLT ඇප් වැඩසටහන්ද Huawei App Gallery හි දැන් අන්තර්ගතව ඇත.

එසේම ඉදිරියේදීද සිය පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා තවත් APP වැඩසටහන් රැසක්ම Huawei App Gallery සමගින් එකතු කරගැනීමට අදහස් කරගෙන සිටින බවත් Huawei සමාගම පවසයි.