සුෂාන්ත් ගේ මරණය ගැන දීපිකා පදුකෝන් ගෙන් ප්‍රශ්න කිරිමට යයි

September 24, 2020 at 1:02 PM

බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් ගේ සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ෂණ වලට අදාලව සම්බන්ධවී තිබෙන මත්ද්‍රව්‍ය සිද්ධීන් ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට ජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් හට එරට මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් කැඳවීමක් කර තිබෙනවා.

සුෂාන්ත් සිං රාජ්පුත් ගේ පෙම්වතිය වන බොලිවුඩ් නිළි රේඛා චක්‍රබෝර්ති එරට පොලිසිය විසින් මිට සති 02 කට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. ඒ පසුගිය ජුනි මාසයේදී මියගොස් සිට හමුවූ සුෂාන්ත් සිං හට මත්ද්‍රව්‍ය ලබාදීමේ චෝදනාව මතයි.

මෙම සිදුවීමත් සමග බොලිවුඩ් කේෂ්ත්‍රය පුරා මත්ද්‍රව්‍ය සමග ඇති සම්බන්ධකම් සම්බන්ධයෙන් පුවත් ප්‍රචාරණය වීම නිසා දැඩි අර්බුධකාරී වාතාවරණයක් පැන නැගී තිබෙනවා.

දීපිකා පදුකොන්ට අමතරව සාරා අලී ඛාන්, ශාරදා කපුර් සහ රාකුල් ප්‍රීට් සිං හටද එරට මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.