නරේන්ද්‍ර මෝඩි, මහින්ද අතර සාකච්ඡාව 26 !

September 23, 2020 at 10:29 AM

අගමැති මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි අතර සාකච්ඡාවක් 26 වැනි  සෙනසුරාදා  පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මෙය නවීන සංනිවේදන තාක්ෂණය ඔස්සේ වර්චුවල් ක්‍රමයට සිදු කෙරේ.

අගමැති මහින්ද මෙවර එම තනතුරට පත් වූ පසු පවත්වන පළමු විදෙස් රාජ්‍ය නායක හමුව මෙය වන අතර ද්වි පාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු මෙන්ම කලාපීය දේශපාලන කරුණු ගැනද මෙහිදී අවධානය යොමු වනු ඇත.