ළමුන් යොදා සිදුකරන අශ්ලීල ප්‍රකාශ පාලනයට නව පනතක්

September 23, 2020 at 12:18 PM

ළමුන් යොදාගෙන සිදුකරනු ලබන අශ්ලීල ප්‍රකාශන, තොරතුරු තාක්ෂණය සහ වෙනත් මාධ්‍යයන් ඔස්සේ පළ කිරීම මෑත කාලයේ දී සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව රජය පවසනවා.

එවැනි කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ විධිවිධාන, දණ්ඩ නීති සංග්‍රහයේ සහ අශ්ලීල ප්‍රකාශන ආඥාපනතේ ඇතුළත් වන නමුත් වර්තමාන තත්ත්වයන්ට එකී විධිවිධාන ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබෙන බැවින් එයට පිළියමක් වශයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත අලුතින් පනතක් කෙටුම්පත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ඇතුළත් ලේඛනයක් පිළියෙල කර තිබේ.

එකී ලේඛනය මත පදනම්ව නව පනත් කෙටුම්පතක් පිළියෙල කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස අධිකරණ අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කොට එයට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.