“ලොකු අප්පච්චිට හිනාවක් දියන් පුතේ කිව්වහම හිනා වුණා” (VIDEO)

September 23, 2020 at 7:20 PM

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් නිවසක් කඩාවැටීමේ ඛේදවාචකයෙන් දිවි අහිමි වූ අඹුසැමි යුවළගේ සහ මාස එකහමාරක් වයසැති බිලිඳියගේ අවසන් කටයුතු අද (23) සිදුකෙරුණා.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වූ චමිල ප්‍රසාද්ගේ වැඩිමහල් සොයුරා අද එංගලන්තයේ සිට අවමංගල්‍යයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි අතර නිරෝධායනයට රැගෙන යන අතරතුර ඔහු සුසාන භූමිය වෙත පැමිණියා.

ඔහු ගිලන් රථයක් තුළ සිටිමින් මියගිය බිළිඳිය ගේ ජායාරූපයක් පෙන්වමින්, “ලොකු අප්පච්චිට හිනාවක් දියන් පුතේ කිව්වහම හිනා වුණා” යනුවෙන් අඬමින් පැවසුවේ මහත් සංවේගයකින්ය.