බන්ධනාගාර රැඳවියෙකු ගේ ගුද මාර්ගයේ දුරකථනයක් සිරවෙයි

September 23, 2020 at 12:03 PM

බන්ධනාගාර ගත කර සිටින රැඳවියකු සිය ගුද මාර්ගයේ සඟවා ගෙන තිබු ජංගම දුරකථනයක් සිරවීම නිසා එය ඉවතට ගැනීමට ඔහුව ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම ජංගම දුරකථනය ඉවතට ගැනීම වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ට අපහසු වීම හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර මුලස්ථානය සඳහන් කළේ.

ඉහත සැකකරු මත්කුඩු වලට සම්බන්ධ නඩුවකට අධිකරණයට ගෙන ගෙනගොස් නැවත වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන එමින් සිටියදී කිසියම් අයෙකු විසින් ලබාදුන් මෙම දුරකථනය සිය ගුද මාර්ගයේ සඟවා ගෙන ඇතැයි හෙළි වී ඇත්තේ.

එහිදී සැකකරු අපහසුතාවයෙන් පෙළීම නිසා බන්ධනාගාර රෝහලට ඇතුළත් කල නමුත් එය ඉවතට ගැනී බන්ධනාගාරයේ වෛද්‍යවරුන්ට නොහැකි වීම මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.