පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ රාජස්ථාන් පිතිකරුවන්ගේ සුපිරි පිති ප්‍රහාරය (VIDEO)

September 23, 2020 at 7:55 AM

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා වුණා.

ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන්නන් වන ජෝෆ්ර ආචර් සහ ටොම් කරන් විසින් චෙන්නායි ක්‍රීඩක ලුන්ගි එන්ගිඩි යැවු  අවසන් පන්දු වාරයේ පන්දු 02ක් තුළ ලකුණු 27ක් රැස් කිරීමට සමත්වීමත් සමගයි.

එන්ගිඩි විසින් යැවු අවසන් පන්දු ඕවරයේදී ලකුණු 30ක් ලබා ගැනීමට සමත්වූ රාජස්ථාන් පිතිකරුවන් දෙදෙනා සමත් වුණා.

එන්ගිඩි යැවු පන්දු දෙකක් නිපන්දු වීම නිසා රාජස්ථාන් පිතිකරුවන් එහිදී හයේ පහරවල් 4ක් එල්ල කළ අතර ඒ අතරදී යැවු වයිඩ් පන්දුවක් සමග මෙලෙස ලකුණු 27ක් සිය ලකුණු පුවරුවට එකතු කර ගැනීමට සමත් වුවා.

VIDEO:

https://www.iplt20.com/video/207698/archer-shoots-4-sixes-in-one-over