කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ලොරි රථ යොදාගෙන සහන මිලට අද සිට පොල් බෙදාහැරීම සිදුකරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව රුපියල් 60 ක සහන මිලකට රට පුරා පොල් බෙදාහැරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම සහ පොල් වගා කිරීමේ මණ්ඩලය ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. 2020-09-23