ආනවිලුන්දාව හෙලිපෙහෙලි කිරීමේ චෝදනාවට රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ සොයුරා රිමාන්

September 22, 2020 at 3:21 PM

ආනවිලුන්දාව අභය භූමියේ කොටසක් අනවසරයෙන් එලිපෙහෙලි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහෝදරයා වන ආරච්චිකට්ටටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතා අද (22) දින අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසුව ලබන 24 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.