දුරකතන සේවා සමාගම් APP දැන් Huawei AppGallery වෙතින්

September 22, 2020 at 4:41 PM

ලංකාවේ ස්මාට් දුරකතන පාරිභෝගිකයන් අතර ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින Huawei ස්මාට් දුරකතන සඳහා හඳුන්වාදී ඇති Huawei APPGallery වෙත මෙරට මුල් පෙළේ දුරකතන සමාගම් රැසකම ඇප් වැඩසටහන් එක් කර ඇතැයි Huawei සමාගම සතුටින් දන්වා සිටියි.

Privacy-by-design search engine තත්ව පාලන අනුගමනය කරමින් වෙළෙඳපොළට හඳුන්වාදී ඇති මෙම Huawei APPGallery වෙත ලොව පුරා ඇප් නිර්මාණකරුවන් මිලියනයකට අධික පිරිසක් අද වනවිට මිලියන 1.2කට වඩා වැඩි ඇප් සංඛ්‍යාවක් එකත් කර තිබේ.

Huawei සමාගමේ  දත්ත අනුව අද වන විට රටවල් 170ක් පුරා සිටින පරිශීලකයන් මිලියන 390කට වඩා වැඩි පිරිසක් මෙම Huawei APPGallery භාවිතා කරයි. මේ කරුණු නිසා ලොව තෙවන විශාලතම ඇප් වෙළෙඳපොළ බවටද ඉතා කෙටි කලකින් පත්වීමට Huawei APPGallery වෙත හැකියාව ලැබී තිබේ.

මෙම ඇප් වැඩසටහන් නිර්මාණයේ තවත් ඉදිරි පියවරක් තබමින් Huawei සමාගම දැන් මෙරට මුල් පෙලේ දුරකතන සමාගම් මගින් ඉදිරිපත් කරන ඇප් වැඩසටහන් සියල්ලම පාහේ සිය Huawei APPGallery වෙත එකතු කිරීමට කටයුතු යොදා ඇත. අද වන විට ශ්‍රී ලංකාව තුළ පරිශීලකයන් ලක්ෂයකට වඩා වැඩි පිරිසකගේ දායකත්වය ලැබීම මෙලෙස දේශීය ඇප් වැඩසටහන් රැසක්ම Huawei APPGallery වෙත එකතු වීමට හේතුවකි.

ඒ අනුව Dialog Axiata සමාගමේ Mydialog, eZ Cash යන ඇප් වැඩසටහන් මෙන්ම Hutch සමාගමේ Hutch Selfcare සහ cliQ යන ඇප් ද දැන් Huawei APPGallery මගින් ලබා ගත හැක. එසේම Mobitel සමාගමේ Mobitel Selfcare, Mobitel mCash මෙන්ම Datamart ඇප් ද දැන් එක්ව ඇත. මීට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ PeoTVGO සහ MySLT ඇප් ද  Huawei APPGallery හි අන්තර්ගත වේ. .

මෙම නවතම හඳුන්වාදීමට පෙරාතුව Huawei සමාගම විසින් Huawei APPGallery වෙත PickMe, daraz.lk, singer, ikman.lk, HiruStar, Colombo Stock Exchange, Mobitel, Mcash, Datamart, Helakuru සිංහල යනාදී ඇප් ගණනාවක්ම එකතු කරගෙන ඇත.

එසේම සිය පාරිභෝගිකයන් විශාල සංඛ්‍යාවක් නිතිපතා භාවිත කරන බැංකු ඇප් සියල්ලම පාහේත් දැන් Huawei APPGallery හරහා භාගත කිරීමේ අවස්ථාව එම සමාගම මගින් ලබා දී ඇත. ඒ අනුව සම්පත් බැංකුව, මහජන බැංකුව, ලංකා බැංකුව සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව යනාදී බැංකු ඇප් ද Huawei APPGallery තුලින් භාගත කිරීමේ හැකියාව පාරිභෝගිකයාට හිමිවේ.