රිලා ඇමතිකම ඉල්ලන මන්ත්‍රී (VIDEO)

September 20, 2020 at 4:59 PM

රටේ පවතින රිලවුන් සහ වඳුරු ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබාදීම අත්‍යාවශ්‍ය කරුණක් නිසා තමන්ට “රීලා ඇමතිකම” ලබා දෙන්නේ නම් එය භාර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

බදුල්ල දිස්ත්‍රික්කය ඇතුළු රටේ විවිධ ප්‍රදේශවලින් මේ වන විට රිලවුන් සහ වදුරන් ගෙන් සිදුවන වගා හානි නිසා කෘෂි අස්වැන්නෙන් සියයට 60ක් පමණ හානි සිදුවන බවයි මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ.

” බදුල්ලට පමණක් දැන් වදුරන්ගෙන් රිලව් ගෙන් ප්‍රශ්න තියෙනවා කියලා හිතන්නෙපා. දැන් උන් කොළඹටත් ඇවිල්ලා. මත්තේගොඩ වගේ ප්‍රදේශවල වදුරන් දැන් සැරිසරනවා. ඉස්සරහට ඕක හරියට පාලනය උනේ නැත්නම් ඉදිරියේදී ඔයසතුන් පාර්ලිමේන්තුවටද එන්න පුළුවන්” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කර සිටිනවා.

” රටේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තිබුන අලිමිනිස් ගැටුම නවත්වන්න ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් ඇමැතිවරයෙක් පත්කළා. ඒ වගේමයි මැටි කර්මාන්ත සම්බන්ධයෙන් වගේම බතික් හා පේෂකර්මාන්ත ඇමතිවරුන් පත්කරලා තියෙන්නේ. ඒ පත්වීම් මගින් අදාළ කේෂ්ත්‍ර තුල ඉදිරියේදී වැඩකටයුතු නිසි ලෙස සිදුකෙරෙනවා. ඒ වගේම රිලා ඇමතිකම මට දුන්නොත් මමත් ඒ වගේම වැඩ කරනවා” යැයි මන්ත්‍රීවරයා කියා සිටියා.