මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු සිදුකරන වන සංහාරය (VIDEO)

September 20, 2020 at 6:53 AM

මෙරට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයෙක් විසින් සෝමාවති ජාතික වනෝද්‍යාන රක්‍ෂිතයේ අක්කර 100 ක් පමණ ප්‍රදේශයක් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් විනාශ කර දමා ඇති බවට වාර්තා වනවා. මෙසේ විනාශයට පත් කර ඇත්තේ සෝමාවතී ජාතික උද්‍යානය හා ත‍්‍රිකෝණමඬුව රක්ෂිතය අතර කලාපය තුලයි.

මේ සම්බන්ධයෙන් මහවැලි ඇමැති සිරිපාල ගම්ලත් දැනුවත් කිරීමෙන් පසු එම ව්‍යාපෘතිය අත්හිටුවීමට කටයුතු කර ඇත.

බඩ ඉරිගු වගාකරණය කිරීම සඳහා යයි පවසමින් වනාන්තර ඉඩම් අක්කර සියයක් පමණ පසුගිය රජය සමයේදී මෙම ව්‍යාපාරිකයාට මහවැලි අධිකාරිය විසින් නිදහස් කර ඇත. එම ඉඩම් කොටස් වල තිබූ විශාල ගස් දැව සදහා කපාගෙන ගොස් තිබෙන අතර සහල් ව්‍යාපාරිකයාගේ සහල් මෝලවලින් පිට කෙරෙන දහයියා ඇතුළු අපද්‍රව්‍ය විශාල වශයෙන් වනාන්තර භූමියද බැහැර කර තිබේ.