මහනුවර පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බසියි : සිරවූ පුද්ගලයින් සොයා මෙහෙයුම් (VIDEO)

September 20, 2020 at 8:38 AM

මහනුවර ප්‍රදේශයේ ගිලා බැසිමකට ලක්වූ ගොඩනැගිල්ලක සුන්බුන් වලට යටවූ නිවසක සිරවී සිටින දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු බේරා ගැනීමට ආපදා සහන කණ්ඩායම් මේ වන විට විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් අද අළුයම් කාලයේදී ගිලා බැසිමකට ලක්ව තිබෙන බවයි.

එම ගොඩනැගිල්ල ගිලා බැසිමකට ලක්වීමත් සමග අසල පිහිටි නිවසක් මතට එහි සුන්බුන් වැටීමෙන් ඊට යටවූ නිවසක පුද්ගලයින් 05 දෙනෙකු ගෙන් දෙදෙනෙකු දිවි බේරා ගෙන තිබෙනවා.

එම නිවසේ සුන්බුන් අතර සිරව සිටින අනෙක් පුද්ගලයින් තිදෙනා බේරා ගැනීමට යුධ හමුදාව, පොලිසිය, ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ඇතුළු ආපදා සහන කණ්ඩායම් මේ වන විට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.

NEWS JUST IN

NEWS JUST IN: 🔺මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක් වෙයි.යාබද නිවසක සිරවී ඇති තුන් දෙනෙකු බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක්.- පොලිසිය#lka #News1st #Kandy

Posted by Newsfirst.lk on Saturday, 19 September 2020