මහනුවර පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැස්සේ භුචලනයක් නිසාද ?

September 20, 2020 at 1:16 PM

මහනුවර,බුවැලිකඩ ප්‍රදේශයේ දී අද අළුයම් කාලයේදී පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීමට ලක්වීමේ සිද්ධිය සහ එම අවස්ථාවේදී එම ප්‍රදේශයේ භූචලනයක් සිදුව තිබේද යන්න සම්බන්ධයෙන් අප විමසීමක් සිදුකර සිටියා.

එහිදී භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පිහිටි භූකම්පන ක්‍රියා සහ සුනාමි සුපරීක්ෂා මධ්‍යස්ථානයේ නිලධාරින් සඳහන් කර සිටියේ එවැනි කිසිදු භූචලන සිදුවීමක් පසුගිය දින කිහිපයේදී වාර්තා වී නොමැති බවයි.

එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි ප්‍රකාශ කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානයේ නිලධාරින් විමර්ෂණය කිරීමට නියමිත බවයි.

මේ අතර පොලිස් විමර්ෂණ වලදි හෙළිව ඇත්තේ ගිලා බැසීමට ලක්වූ පස් මහල් ගොඩනැගිල්ල පැරණි ගොඩනැගිල්ලක් බවත් එය ප්‍රතිසංස්කරණය කර තිබෙන බවයි.