IPL තරගාවලිය අද ඇරඹේ : තරගාවලිය නැරඹීමට හැකි වෙබ් අඩවි ඇතුළු තොරතුරු සියල්ල මෙතැනින්

September 19, 2020 at 8:01 AM

2020 අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා.

ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය අවස්ථා කිහිපයකදි කල්දැමුණේ කොරෝනා වෛරසය එරට තුළ සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත විම හේතුවෙන්. ඒ අනුව නරඹන්නන්ගෙන් තොරව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙවර අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට තරග සංවිධායකයින් තීරණය කළා.

මෙවර තරගාවලිය ආරම්භ කරමින් වත්මන් ශූරයින් වන රෝහිත් ෂර්මා නායකත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පසුගිය වර අනුශූරයින් වූ මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අබුඩාබි හිදි අද තරග වැදීමට නියමිතයි. එම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 7.30ට ආරම්භ වනවා.

දින 52ක් පුරා පැවැත්වෙන මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් මහ තරගය නොවැම්බර් මස 10 වැනිදා පැවැත්විමට නියමිතයි. අවසන් මහ තරගය පැවැත්වෙන දිනය ප‍්‍රකාශයට පත් කළද අවසන් වටයේ තරග පැවැත්වෙන දින වකවානු මෙතෙක් අයි පී එල් තරග සංවිධායකයින් විසින් ප‍්‍රකාශයට පත්කර නැහැ.

IPL තරගාවලිය සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය තොරතුරු කිහිපයක් පහතින් දැක්වේ :

තරගයන් පැවැත්වෙන වේලාවන් : දහවල් තරග පැවැත්වෙන වේලාවන් – ශ්‍රී ලංකාවේවේලාවෙන් සවස 3:30 (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වේලාවෙන් දහවල් 2 ට) සවස තරග පැවැත්වෙන වේලාවන් – ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7:30 ( එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වේලාවෙන් සවස 6ට)

IPL තරගාවලිය අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැකි වෙබ් අඩවි සම්බන්ධයෙන් තොරතුරු :

Where to watch IPL 2020 live streaming in India & Sri Lanka : Star Sports, Disney Hotstar + VIP

Where to watch IPL 2020 live streaming in UK & Ireland: Sky Sports, Yupp TV

Where to watch IPL 2020 live streaming in USA & Canada: Hotstar

Where to watch IPL 2020 live streaming in South Africa, the Middle East and North Africa: SuperSport

Where to watch IPL 2020 live streaming in South East Asia including Malaysia, Singapore and South America: Yupp TV

Where to watch IPL 2020 live streaming in Australia & New Zealand: Fox Sports, Kayo Sports.

තරග කාල සටහන :