හන්තාන ඉඩම පිළිබද චෝදනාව දේශපාලන පලිගැනීමකි. – ලක්ෂ්මන් කිරිඇල්ල

September 18, 2020 at 3:18 PM
හන්තාන ආශ්‍රිතව මා හට අයිති ඉඩම පිළිබදව ගැටලුකාරී තත්වයක් මේවන විට මතුව ඇත්තේ ඇතැම් දේශපාලකයන්ගේ උවමනාකම් සපුරාලීමට දේශපාලන පලිගැනීමක් වශයෙනි.
මා නීතිඤවරයෙකු ලෙස කටයුතු කරන සමයේ 1990 දී පමණ මෙම ඉඩම මා විසින් මිලදී ගත් අතර දැනට රක්ෂිතය තුල පිහිටා තිබුනත් මෙම ඉඩම සම්භන්ධ අයිතියට එහි කිසිදු නිත්‍යානුකුලව  බලපෑමක් හන්තාන සුරැකීමට අදාළ ගැසට් පත්‍රයෙන් හෝ සිදුකර නොමැත.

එක අවස්ථාවක මෙම ඉඩම බෞද්ධ ආරාමයකට පුජා කිරීමට ගියත් ඒ අසල තවත් විහාරස්ථානයක් තිබු නිසා තවත් විහාරස්ථානයක නුසුදුසු බව ස්වාමින් වහන්සේලා ම හට දැන්වුවා.
වසර ගණනාවකට පසුව මෙම ඉඩමෙහි කොටසක වැවී තිබු මාන පදුරු කිහිපයක් සුද්ද කරන විට රක්ෂිතයේ ගස් කපා විනාශ කරන බවට චෝදනා මා හට නැගුවත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව එහි නිරීක්ෂණය කරන ඕනෑම කෙනෙක්ට දැක බලාගත හැක.

මේ පිලිබදව ඇතැම් පිරිස් මා හට චෝදනා එල්ල කරමින් මගේ කිර්ති නාමයට හානි සිදුකිරීමට උත්සහ කලත්  මා හට ප්‍රකාශ කිරීමට ඇත්තේ ඒ සියලු චෝදනා දේශපාලන පලිගැනීමක් වශයෙන් මාහට එල්ල කරන බොරු චෝදනා ලෙසයි.