නිතිවිරෝධිව ගෙන්වූ කහ කිලෝ 33,000ක් සමග සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට

September 18, 2020 at 9:28 AM

මීට දින කිහිපයකට පෙර නීති විරෝධී අයුරින් ඩුබායි සිට මෙරටට ගෙන්වූ කහ සහ උඳු කිලෝග්‍රෑම් 36,000ක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
බ්ලුමැන්ඩල් පොලිසියට ලද තොරතුරක්‌ මත එම ප්‍රදේශ වාහන අංගනයක් තිබී අඩි 40ක් දිගැති කන්ටේනර් රථ තුනක එම කහ තොගය සඟවා තිබියදී සොයා ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙක් ද බ්ලුමැන්ඩල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස ආනයනය කළ ද්‍රව්‍ය අතර කහ කිලෝග්‍රෑම් 33,000ක් සහ උඳු කිලෝග්‍රෑම් 3,000ක් තිබෙන අතර මෙම ද්‍රව්‍ය නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් බවයි වාර්තා වන්නේ.