කාන්තා දුෂකයින්ගේ ලිංගේන්ද්‍රය ඉවතට : බාල වයස්කාර දුෂකයින්ට මරණ දඬුවම – නයිජීරියාව නව නීති පනවයි

September 18, 2020 at 11:56 AM

කාන්තා දුෂණයන්ට වරදකරුවන් වන පුද්ගලයින්ගේ ලිංගේන්ද්‍රයන් කපා ඉවත් කිරිමට නයිජීරියාවේ කඩුනා ප්‍රාන්තය විසින් නව නීතියක් සම්මත කර ගෙන තිබෙනවා. එමෙන්ම වයස අවුරුදු 14 ට අඩු ළමුන් දුෂණය කිරිමේ චෝදනාවට වරදකරුවන්වන කවරෙකුට වුවත් මරණ දඬුවම ලබා දීමටයි එම ප්‍රාන්ත ආණ්ඩුකාර නසීර් අහමඩ් එල් – රාෆුආයි තීරණය කර ඇත්තේ.

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් නයිජීරියාවේ පනවා ඇති සම්බාධක හේතුවෙන් දිනෙන් දින ඉහළ යන කාන්තා දුෂණයන් නිසා රජයට එරෙහිව දැඩි විරෝධතාවයන් නිසා හදීසි නිතිය පවා පැනවීමට පියවර ගනු ලැබුවා.

බාල වයස්කාර දැරියක් දුෂණය කිරීම සම්බන්ධයෙන් මිට පෙර නයිජීරියාවේ පනවා තිබු උපරිම දඬුවම වුයේ අවුරුදු 21ක සිර දඬුවමක්ය.

කාන්තාවක් විසින් බාල වයස්කාර දරුවෙක් දුෂණය කළහොත් ඇයගේ පැලෝපිය නාලය ඉවත් කිරිමට නව නීති පනවා තිබෙනවා. දිනෙන් දින ඉහළ යන කාන්තා හා ළමා දුෂණ සිදුවීම් හේතුවෙන් නයිජිරියානු බලධාරීන් දැඩි අර්බුධකාරී තත්ත්වයකට මුහුණ පා සිටියි.