මට මෙහෙමද ආරාධනා කරන්නේ ? : ඇමති නිමල් සිරිපාල පැමිණි විවෘත කිරීමේ උත්සවයකදී මන්ත්‍රීවරයෙක් ආවේගශීලිව හැසිරුණු අයුරු (VIDEO)

September 18, 2020 at 11:15 PM

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයකට සහභාගී වූ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි විසින් දැඩි විරෝධයක් එල්ල කරනු ලැබුවා.

හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා නව දෙමහල් ගොඩනැගින් විවෘත කිරීමේ දී උත්සවයේදී තමන්ව නොසලකා කටයුතු කලේ යයි එම අවස්ථාවට පැමිණි මන්ත්‍රිවරයා දැඩිව දොස් පවරා සිටියා.

තමන් හපුතලේ ආසන සංවිධායක බවත් තමන් නොසලකා මෙම කටයුත්තක් සිදු කිරීම ගැන තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රාදේශීය ලේකම්දවරයාට දොස් පවරා සිටියේ මින් ඉදිරියට මේ අයුරින් සිදුවන අක්‍රමවත් විවෘත කිරීමේ උත්සව සඳහා තමන් සහභාගී නොවන බව පවසමින්.

අනතුරුව පැවති උත්සව සභාවේ වේදිකාවේද අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම ස්ථානයේ කීමට තිබෙන දේ නිවෙසට ගොස් බිරිඳ සමග කීමේ පුරුද්දක් තමන්ට නොමැති බවයි. එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව තමන්ව පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැව්වේ එකට එක්ව වැඩ කිරීමට බවත්, ඒ නිසා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සංකල්පයට අනුව එක්ව වැඩ කිරීමට තමන් ඕනෑම මොහොතක සුදානම් බව කියා සිටියා.