ළමුන් සේවයේ යෙදවීමේ නීතිය අවුරුදු 16 දක්වා සංශෝධනය කෙරේ

September 17, 2020 at 11:25 AM

අනිවාර්ය පාසැල් අධ්‍යාපනය අවුරුදු 16 වශයෙන් වන නීතිමය විධිවිධානයන්ට අනුකුලව වන පරිදි කම්කරු අණපනත්වල සේවකයින් සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදු 16 දක්වා ඉහල නැංවීමට හැකි වන පරිදි කම්කරු නීති සංශෝධනය කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.